Latest Articles
ශ්‍රි ලාංකේය කෘෂි සන්නිවේදනය ශක්තිමත් කිරීම උදෙසා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් පැවැත් වු සම්භාෂණා….
කෘෂි සන්නිවේදනයට සම්භාෂණා..
කෘෂි සන්නිවේදනයට සම්භාෂණා..
කෘෂි...
සංවර්ධන සන්නිවේදනය ශක්තිමත් කිරීම සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලද සම්භාෂණා.
මහනුවර දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන නිලධාරීන්ගේ මාධ්‍ය හා සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීම සඳහා පැවති සම්භාෂණා ජනමාධ්‍ය වැඩමුළුව.
Department of Agrarian Development...
මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පශු වෛද්‍ය නිලධාරීන්ගේ ජනමාධ්‍ය භාවිතය වඩාත් ඵලදායී කිරීම උදෙසා මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලද සම්භාෂණා….
සම්භාෂණා
සම්භාෂණා දේශනමාලාව හා වැඩමුළුව දිවයිනේ මාධ්‍ය හා සන්නිවේදන කුසලතා ප්‍රවර්ධනය කෙරෙන ප්‍රධානතම ජනමාධ්‍ය වැඩසටහනයි. මෙමඟින් පුද්ගල හා ආයතනික මට්ටමෙන් සඵලදායී මාධ්‍ය භාවිතයකට මඟ පෙන්වනු ලබයි.
මෙම සම්භාෂණා වැඩසටහන 2018 වසරේ සිට දිවයිනේ විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම පාසල් ප්‍රජාව ඉලක්ක කොට පවත්වනු ලබයි. එමෙන්ම මෙමඟින් දේශීයත්වයට ගැලපෙන ලොවම පිළිගත් නව ආරක සන්නිවේදන සංස්කෘතියක් ශ්‍රි ලංකාවට දායාද කෙරෙනු ඇත.
Sambhashana Media Workshop
“සම්භාෂණා” මාධ්‍ය හා සන්නිවේදන කුසලතා ප්‍රවර්ධන වැඩසටහන් සහ වැඩමුළු
අපට ලැබුණු දිරිගැන්වීම්
"සම්භාෂණා" විශ්ව විද්‍යාලයීය ප්‍රජාවට නවමු අත්දැකීමක්...
ජනමාධ්‍ය විශේෂඥ දිශාන්ති කොඩිතුවක්කු විසින් මෙහෙයවන “සම්භාෂණා” ජනමාධ්‍ය වැඩසටහන විශ්ව විද්‍යාලවලින් බිහිවන විද්‍යාර්ථින්ට තම මාධ්‍ය හා සන්නිවේදන කුසලතා ඔප් නංවා ගැනීමට අතිශයින් වැදගත් වන්නකි. විශ්ව විද්‍යාලය ඥාන ගවේෂණයේ අපූර්ව ක්ෂේම භුමියකි. එයින් බිහිවන නව දැනුම ලෝකය සමඟ බෙදා හදා ගැනීමේදී ජනමාධ්‍ය අනගිභවනීය මෙහෙවරක් ඉටු කරයි. එමෙන්ම ජාතියේ අනාගතයට උර දෙන්නා වු විද්‍යාර්ථීන් වෘත්තිකයන් ලෙස වැඩ ලෝකයට එකතු වෙන්නට සිටිනා අයයි. මාධ්‍ය හා සන්නිවේදන කුසලතා ඉහළ නැංවීම ඔවුන්ගේ වෘත්තීය අභිමානය හා සේවාව වඩාත් සඵලදායී කරන අතර ඒ සඳහා මඟ පෙන්වන “සම්භාෂණා” ජනමාධ්‍ය වැඩසටහන ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාලයීය ප්‍රජාවට ජනමාධ්‍ය පිළිබඳ ප්‍රායෝගික තලයේ අත්දැකීමක් ලබාදෙන බව මගේ හැඟිමයි.

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහින්ද රත්නායක
සිංහල අධ්‍යයන අංශය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
"සම්භාෂණා ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය වඩාත් පහසු කරයි..."
ජනමාධ්‍ය යන්න සන්නිවේදන ක්‍රියාවලියක් ලෙස පොදුවේ අර්ථ දැක්වුවද එය වර්තමානය වන විට සමාජීය ක්‍රියාවලියක් බවට පත්ව තිබේ. මෙහි දී සමාජ ප්‍රගමනයට මෙන්ම අවගමනයටද නූතන ජනමාධ්‍ය ඍජුව වගකිව යුතු බව පෙනේ. මෙකී සංදර්භයක් තුළ මාධ්‍ය සාක්ෂරතාව මෙන්ම මාධ්‍ය හා සන්නිවේදන කුසලතා ප්‍රගුණ කර තිබීම ඉතා වැදගත් වේ. එහිදී මාධ්‍යවේදියා මෙන්ම ග්‍රාහකයාද සවිඥානික විය යුතුය. සරලවම කිවහොත් ජනමාධ්‍ය සමඟ ගනුදෙනු කිරීමේදී ඒ පිලිබඳ දැනගෙන සිටීම අත්‍යවශ්‍ය වන්නකි. ජනමාධ්‍ය විශේෂඥ දිශාන්ති කොඩිතුවක්කුගේ “සම්භාෂණා” මාධ්‍ය වැඩමුළුව මඟින් මෙම සන්නිවේදන රික්තකය මඟහරවාගෙන නිවැරදි ලෙස ජනමාධ්‍ය සමඟ කටයුතු කිරීමට මඟ පෙන්වනු ලබන බව මාගේ විශ්වාසයයි. මාධ්‍යවේදය හා එහි ප්‍රායෝගික භාවිතය පිලිබඳ ප්‍රාමාණික නිපුණතාවයක් ඇති දිශාන්ති කොඩිතුවක්කුගේ මෙම “සම්භාෂණා” කාලීන සහ වඩා ඵලදායි වනුයේ එබැවිනි. ඒ තුළින් මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ද වඩාත් පහසු වන අතර වීශ්වසනිය හා ආකර්ශනිය ලෙස සන්නිවේදනයේ යෙදෙන්නට ඔවුන්ට ද අවස්ථාව සැලසේ. මේ අනුව “සම්භාෂණා” ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනගන්නට දායක වන බව නොඅනුමානයි.

ප්‍රවීන රූපවාහිනී නිවේදක, චමින්ද ගුණරත්න
ජාතික රූපවාහිනිය
"සම්භාෂණා වැඩසටහන කාලීන ජාතික අවශ්‍යතාවක්"...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරින් හා මහජනතාව අතර ප්‍රධානතම සන්නිවේදන පාලම ගොඩ නගන්නේ ජනමාධ්‍යයයි. රටේ සංවර්ධන ක්‍රියාන්විතය සවිබලගැන්වීමේදී මෙම ජනමාධ්‍ය මඟින් ඉටු කරනා සේවය සුවිසල් වුවකි. ජනමාධ්‍ය විශේෂඥ දිශාන්ති කොඩිතුවක්කු විසින් මෙහෙයවන “සම්හාෂණා” ජනමාධ්‍ය වැඩසටහන මඟින් රාජ්‍ය නිලධාරින් තම රාජකාරි ඉටු කිරීමේදී ජනමාධ්‍ය භාවිත කළයුතු ආකාරය පිලිබඳ විධිමත් හා සඵලදායි මඟ පෙන්වීමක් ලබා දෙනු ලබයි. මෙලෙස රාජ්‍ය සේවය මහජනතාවට වඩාත් සමීප කරවමින් රාජ්‍ය නිලධාරීන්ගේ මාධ්‍ය හා සන්නිවේදන කුසලතා ප්‍රවර්ධනය කිරීමට මෙම “සම්භාෂණා” වැඩසටහන ඉටුකරන මෙහෙය කාලීන ජාතික අවශ්‍යතාවක් සම්පුර්ණ කරන්නකි.

තේජානී තිලකරත්න, දිස්ත්‍රික් ලේකම් / දිසාපති
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාතලේ